[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

sherlock holmes – භීෂණයක්

රු890.00

3 X Rs. 296.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 248

  • Author: Chandana Mendis/චන්දන මෙන්ඩිස්
  • Edition: 4th Edition 2021
  • Language: Sinhala
  • Publisher: Sankha Publishers/සංඛ ප්‍රකාශකයෝ
  Ask a Question

“……..දිරාගිය ලෑලි අතර කැඩී ගොස් පළුදු වූ තැනක්. මගේ ඒ අතේ ඇඟිලි හතරක් ඒ කඩතොලු වූ තැනට කිදා බැස්සා. උළුවස්සේ ග්‍රහණයට වඩා හොඳ තැනක් මා ඉක්මනින් සොයා ගත යුතු බව මං තේරුම් ගත්තේ එක් ක්ෂණයකින්. ඒ මොකද උළුවස් සේ සෑදුණු පෙද පාසි හා තෙතමනය නිසා වැඩි වේලාවක් එතැන එල්ලී සිටීමට බැරි බව මට තේරුණා. අනෙක මගේ දකුණු අත හා වම් අත එකිනෙක හරහා ගිහින් තිබුණේ. ඒකෙන් ග්‍රහණය වඩාත් දුර්වල වුණා. මම උළුවස්ස අතහැර ඒ අතත් කාමරයේ පොළොව මත ඉදිරියට දිගු කළා. වේගවත්ව සොයා බැලීමේදී මගේ වාසනාවකට වගේ ලෑලි දෙකක් අතර තිබූ හිඩසක් මට අසුවුණා. ඊළඟට මම දැත්වල හා උරහිසේ මස්පිඬු වලට වෙර අරගෙන, මුළු සිරුරම කාමරය ඇතුළට ඇද ගැනීමට උත්සාහ කළා.”

“නමුත් ශරීරයේ මුළු බරම උඩට ඇදගන්න තරම්, ඇඟිලිවල තිබුණු ග්‍රහණය ප්‍රමාණවත් වුණේ නෑ. වම් අතේ ග්‍රහණය දැඩි කරගෙන අල්ලාගත හැකි යමක් ඇති දැයි දකුණු අතින් සොයා බැලුවා. මට හැකිවුණා. අර ලාච්චු කැබිනෙට්ටුවේ කකුලක් අල්ලා ගැනීමට. මුලින්ම පපුවත්. ඊළඟට සිරුරේ අනෙක් හරියත්, කාමරය තුළට ඇදගන්න මට හැකිවුණේ දේව බැල්මකින් වගේ. ඒ තත්පර තිහිපයක කාලය මං හිටියේ ජිවිතයත් මරණයත් අතර සටනක බව මට වැටහුණා. මගේ මුළු ශරීරයම වෙව්ලමින් තිබුණේ. තවත් මිනිත්තු දෙකක් හෝ තුනක්, මං ඒ විධියටම පොළොව මතම හිටියා.”

“තවමත් දෙපා වෙව්ලද්දී මං මීළඟට දෙපාවලට ශක්තිය අරගෙන නැගිට්ටා. නැගී සිටගෙන ඇවලින් උළුවස්ස දෙපැත්තේ බිත්තිය අල්ලා ගත්තා. ශරීරය අවදා නම් ලෙස ඒ පැත්තට බර නොකොට, මං බැලුවේ ඒ හිස් අවකාශය දිහා. පහළ ඇත්තේ කුමක්ද?”

“ඒත් දැඩි අන්ධකාරය නිසා මට කිසිවක් දැකගන්න ලැබුණේ නැහැ. පහළ තිබුණේ කුමක් වුවත්. සුළඟ සමග පහළින් උඩට ආ දැඩි දුර්ගන්ධයක් මට දැනුණා. මඳ වේලාවකින් ජලාශයක යමක් සෙලවෙනවා වැනි මෘදු ශබ්දයක් මට ඇහුණා. ඒ සමගම සතෙකු බිම පහුරු ගාන්නාක් වැනි ශබ්දයක් ද ආවා. වතුර පල්වුණු ජලාශයකින් නැඟෙනවාට වඩා. තියුණු දුර්ගන්ධයක් තමා එතැනින් ආවේ.”

Weight 320 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop