ලෝරා ඉන්ගල්ස් බටහිර තැනිතලාවේ හැදී වැඩෙන අතරේ, අල්මන්සෝ වයිල්ඩර් නම් කුඩා පිරිමි ළමයෙක් නිව් යෝක් ජනපදයේ ගොවිපළක හැදී වඩෙයි. ග්‍රීෂ්ම සෘතුවේ පැළ වගා කරන්නට, සරත් සෘතුවේ අස්වැන්න නෙළන්නට අප්පච්චිට උදව් වෙමින්, අම්මාට ගෙදර වැඩට සහය වෙමින්, සිය සහෝදරයා සහ සහෝදරියන් දෙදෙනා සමඟ අල්මන්සෝ ගොවිපළේ ගත කරන ජීවිතය අතිශයින් ප්‍රීතිමත් එකකි. සීත කාලයේ දර පැලීම, ගඟෙන් යෝධ අයිස් කුට්ටි කපා ගබඩා කිරීම අදී වැඩපළ කරන්නට තිබේ. විනෝදකාමී බෙලෙක් බඩු වෙළෙන්දා ගොවිපළට එන දවස්, නගරයේ සල්පිල පැවැත්වෙන දවස්, අප්පච්චි සමඟ මාළු බාන්නට යන දවස් අල්මන්සෝට මහත් සතුටක් ගෙන දෙයි. සිය සැමියා අල්මන්සෝ, තමා ජීවත් වූ කුඩා නිවසින් බොහෝ ඈත දුරක, පුංචි ගොවියෙකු ලෙස හැදී වැඩුණු ආකාරය ගැන ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් ලියූ මේ කතාව, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ සම්භාව්‍යය ලිට්ල් හවුස් කතා මාලාවේ තුන් වැන්නයි.
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.









