මම ඔබට රහසක් කියන්නෙමි. මම දැන් ඔබට රහසක් කියන්නෙaමි. එය එසේ මෙසේ රහසක් නොවේ. පුදුම හිතෙන විදියේ රහසකි. මේ පුදුම හිතෙන වීදියේ රහසට සම්බන්ධ කතාවද එසේ මෙසේ කතාවක් නොව හරිම පුදුම හිතෙන විදිහේ කතාවකි. මා ඔබට කියන්නට යන මේ පුදුම හිතෙන විදිහේ රහසත්, පුදුම හිතෙන විදියේ රහසට සම්බන්ධ පුදුම හිතෙන කතාවත් ඔබ කොහොමටවත් විශ්වාස නොකරන්න ඉඩ තිබේ. ඒත් මා ඒ ගැන ඒ හැටි පුදුම වෙන්නේ නැත. ඒ විතරක් නොව මේ පුදුම හිතෙන වීදියේ රහසත්, පුදුම හිතෙන විදියේ රහසට සම්බන්ධ කතාවත් මේ පොතෙන් කියවා ඔබ මට බොරුකාරයෙක්, පචයෙක් කියා නින්දා අපහාස කරන්නට ඉඩ තිබේ. පට්ටපල් බොරු’ ගජ බින්න’ කියලා මේ හාදයා අප ව රවට්ටන්න හදනවා. අප ගොනාට අන්දන්න හදනවා යැයි මට නොයෙකුත් විදිහේ නින්දා අපහාස ද කරන්නට ඉඩ තිබේ. ඔබ මොනවා කිව්වත්, මොනවා කළත් මම ඒ හැටි පුදුම නොවන්නෙමි. කලබල නොවන්නෙමි. එයට ද හේතුවක් තිබේ. මා මේ පුදුම හිතෙන රහසත්, පුදුම හිතෙන කතාවත් මුලින් ම කිව්වේ මගේ ආත්තම්මාටය. මගේම අම්මාගේ අම්මාටය. මා පුංචිම සන්දියේ රන් කිරි කට ගෑ, මා හදා වඩා ගත් මගේ ම ආත්තම්මාටය. ඇත්තම කිව්වොත් මා මුලින්ම මේ රහස මගේ ආත්තම්මාට හෙළි කිරීම නිසා මා තුන්හිතකින්වත් හිතුවේ නැති විදියට අමාරුවේ වැටුණු හැටි, මාගේ හොඳම යාළුවා මට හොඳටම දොස් කියූ හැටි. මට මේ කතාවවත් ලියන්න බැරිවෙන විදියට තව ඩිංගෙන් මාගේ හොඳම යාලුවා මාත් එක්ක විරසක වෙන්නට ගිය හැටි මට තවමත් හොඳට මතකය. මම ඒ විස්තරය ඔබට පසුව කියන්නෙමි. ඊට ඉස්සර මේ පුදුමාකාර රහස අපේ ආත්තම්මාට කියන්නට මා තීරණය කළේ මොකද කියා විස්තර කොට ඉන්පසුව මේ රහස හෙළි කළාට පසුව අපේ ආත්තම්මා හැසිරුණු හැටි ඔබට කියන්නෙමි.
General Enquiries
There are no enquiries yet.






