අඳුර විත් මුලු පරිසරයම වෙලාගනිමින් සිටිය දී, මිදුලේ කෙළවර වූ ලෑලි බංකුවේ තමා අසලින්ම හිඳුවාගෙන සෙනෙහසින් යුතුව හර්ෂ ඇයව තුරුලු කරගත්තේ ය. කම්මුල් දෙපස සිප ගන්නා අතරේ දෙනෙත් අග්ගිස්සේ සැඟවී තිබූ කඳුළු බිංදුවක් ඔහුගේ මුහුණ දිගේ විත්, ඇගේ ගෙල හරහා රූරා වැටුනේ ය.
” මාව දොලා ඔයා කොහේවත් යන, ඔයාව අහිමි වෙන හීනයක්වත් මට පේන්න එපා….. එහෙම උනොත් මම මුළු රෑම ඇහැරලා ඉන්නවා සුභා ….”
හර්ෂ,., සුභාගේ ගෙල මත තම දෙතොල් තබාගෙන එළෙසින්ම හිඳ රහසින් මෙන් මිමිණුවේ ය. සුභා ද ඒ පහස මනාව විඳිමින් හර්ෂගේ උණුසුමට තව තවත් තුරුලු වූවා ය.






