මගේ දේවල් වලට බාධා කරන එකෙක්ටවත් මං මේ වලව්වේ හතර මායිම ඇතුළේ වැඩි කාලයක් යහතින් ඉන්න දෙන්නෑ. මං තමුසෙලා දෙන්නටම අවසාන වතාවටත් කියනවා මේ දේවල් වලින් ඈත් වෙලා පාඩුවේ ඉන්න කියලා අතීතේ අයිති අතීතෙට, ඒවා වනෙට ගෙනත් ගැළපුවා කියලා කොටවත් නොදක් වෙන්න. මැරුණ උන් දැන් මැරිලා ඉවරයි. මැරුණ උන්ගේ වග තුග සොයන්න මහින් ජීවත් වෙලා ඉන්න තමුන්ලා මේ කරන්නේ තමුන්ලගෙ ජීවිතවල මරණ වරෙන්තුව තමුන්ලා අතින්ම ලියා ගන්න එක කියලා හොඳට ක තියා ගන්නවා.”
අප ඇගේ කාමරයෙන් පිටතට එන විට ඇය එසේ වියරු ලෙස කියනු අපට ඇසිණි.
කාමරයට පැමිණි පසුත් විනාඩි දහයක් පමණ මා හා විසල් අතර වූයේ දැඩි නිහඬ බවකි.
මොන නැකතකින් උපන් එකියක්ද බං ඒකි. යස්සනියක් වගේ හැසිරුණේ. ඒකි කොහොමද අත් දෙක ලිහා ගත්තේ අනික එහෙම ලියා ගත්තට පස්සේ ඇයි අපි පස්සෙන් ආවේ නැත්තේ මේති අපිට මේ වලව්ව ඇතුළේ යහතින් නම් ඉන්න ඉඩ තියන එකක් නෑ” විසල් පැවසුවේ පැවති නිහඬ බව අවසන් කරමිනි.
මට පර සඩා වැසි
වස
මේ කොළ වල ලියලා තියෙන්නේ මොනාද කියලා ඉස්සරලාම අපි හොයා ගන්න ඕනි ” මා පැවසුවේ රහස් කුටියෙන් හමු වූ පත්‍රිකා දෙස බලමිනි.
“අපේ පුංචිගෙ දුව භාෂා ගැන උපාධියක් කරන්නේ අපිට ඒකීගෙන් මේක ගැන පොඩි අදහසක් හරි ගන්න පුළුවන් වෙයි. විසල් පැවසූවේ පත්‍රිකා දෙක අතට ගනිමිනි.
පත්‍රිකා දෙක අතට ගත් විසල් එය ලියන මේසය මත තබා දුරකථනයෙන් ලබා ගත් ජායා රූපය ඔහු පැවසූ තරුණියට යැවූ අතර ඒත් සමඟම ඇය ඇමතුමක් ලබා ගත්තේ විසටය.








