ජාත්‍යන්තර වැඩියෙන්ම අලෙවි වන පොත
නෝමන් වින්සන්ට් පීල්
ධනාත්මක චින්තනයේ විශ්මිත ප්‍රතිඵල
ධන චින්තනයේ විශ්මිත ප්‍රතිඵල
පරිවර්තනය – ඇනට්මාරි ජසින්තා
ඔබ ඔබේ ජීවිතයේ ළඟාවීමට බලාපොරොත්තු වන ඉලක්ක සඳහා පෙර සූදානමක් අත්‍යවශ්‍යය. එය ඔබේ ජීවිතය යහපත් කරන අතර අවශ්‍ය ඉලක්ක කෙරේ පහසුවෙන් ළඟා කරවයි. එම පෙර පුහුණුව ලබාගන්නා ආකාරය ප්‍රායෝගික මගපෙන්වීමක් මගින් මෙම කෘතියෙන් ඔබට පහදා දේ.
මෙම කෘතිය ප්‍රධාන වශයෙන්ම ධන චින්තනය ඇසුරෙන් ප්‍රතිඵල කෙරෙහි ළඟා වන අයුරු පෙන්වා දෙයි. එය ධන චින්තනයේ මූලික කරුණු ක්‍රියාවට නංවමින් තම ජීවිතය අවශ්‍ය ඉලක්කයන් කරා ගෙන යන අපූරු කතාවකි.
ලොව පුරා පිටපත් මිලියන ගණනක් අලෙවි වී ඇති මෙම කෘතිය ශ්‍රී ලංකාවාසී පාඨකයන් අතරද බෙහෙවින් ජනප්‍රිය වනු නොඅනුමානය.







