සෞභාග්‍යය අපේක්ෂා කළ හැක්කේ අප ජාතියක් ලෙස නීතියේ ආධිපත්‍යය වැළඳගනු ලැබුව හොත් පමණි. නීතියේ ආධිපත්‍යය බිඳ වැටුණ දේශයක, නරුමයින්ගේ බලයේ ආධිපත්‍යම රජ ජ කරනු ඇත්තේ සියලුම ආකාරයේ අපරාධයන්ට එරෙහිව යුක්තිය ක්‍රියාත්මක වීම වළකාලමිනි. අපරාධ වලට එරෙහිව දණ්ඩ මුක්තිය ලැබෙන විට තව තවත් අපරාධ සහයෝගීත්වයන් වර්ධනය වෙමින්, දණ්ඩ මුක්තිය සාමාන්‍ය කරණය වී අපරාධක රාජ්‍යයේ පතුළටම අපව වැටෙනු ඇත. අතීතයේ සිදු වූ අපරාධ පරාධ යුක්තිය හමුවට පැමිණ වීමතින් තොරව අපට සෞභාග්‍යය ළඟා කරගත නොහැක. අපට වසා ගත් මේ සාමූහික දේශපාලන පාපයෙන් මිදීමට ඇති එකම මාර්ගය නම් ජිවත්ව සිටින හෝ මිය ගිය වින්දිතයින් උදෙසා යුක්තිය පසිඳලීම පමණි.
ආචාර්ය, නීතිඥ විසාකේස චන්දසේකරම්








