ස්වයං වර්ධනය සහ ස්වයං සාර්ථකත්වය අත් කර ගැනීමට උපදෙස් දීම සඳහා ලොව මේ දක්වා ලියැවුණු ග්‍රන්ථ අතර අග්‍රතමය ලෙස මේ පොත සැලකේ
ඔබ අත පත්පෙරෙහි, පහසුවෙන් ඔබට අල්ලා ගත හැකි ලෙස පවතින අතිශයින් විස්මය ජනක වූ මහා බලය සඳහා වූ යතුර මේ ග්‍රන්ථය මගින් ඔබ අතෙහි තැබෙයි
කිසි දිනෙක ඉටුකර ගත නොහැකියි යැයි පෙනෙන සුවිශාල හා දුෂ්කර කාර්යයන්, හුදෙක් තම යටි සිතේ විස්මිත බලය පාලනය කිරීම ඉගෙනීම මගින් ඉටුකර ගන්නට ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පාඨකයන්ට මේ ග්‍රන්ථය මග පෙන්වා ඇත.
පුද්ගලයෙකුට දෛනික කටයුතු හා සමස්ත ජීවිතය සංවිධානය කර ගැනීම සඳහා සිය මනස භාවිතා කිරීමට සරල, ප්‍රායෝගික අත්දැකීම් රාශියක් මෙහි ඉදිරිපත් කරයි. පාඨකයා ග්‍රහණය කර ගන්නා අපූරු ස්පන්දනය හේතුවෙන් මේ පොත ඉතා රසවත් වී ඇති බවද කිව යුතුය..









