රසික වික්රමනායක, පැල්මඩුල්ල ගන්කන්ද මැදි විදුහලේ කීර්තිමත් ආදි සිසුවෙකි. මොරටුව විශ්වවිද්යාලයේ වාස්තු විද්යා පීඨයෙන් විද්‍යාවේදී උපාධියත්, එහිම පශ්චාත් උපාධියත් හැදෑරූ ඔහු; ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ පශ්චාත් උපාධි ආයතනයෙන් ව්යාපාර පරිපාලනය පිළිබඳව පශ්චාත් උපාධියක්ද හදාරා ඇත. වාස්තු විද්යාඥයෙකු වශයෙන් මෙරට සැලසුම් නිර්මාණ ආයතනවලත්, ඉදිකිරීම් විශේෂඥයෙකු ලෙස එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) දෙස් විදෙස් කාර්යාලයන්හිත් සේවය කළ හෙතෙම, වෛද්ය හේතූන් මත 2020 වසරේදී සේවයෙන් විශ්රාම ගත්තේය. රසික වික්රමනායක විසින් 2021 වසරේදී ඉංග්රීසි බසින් ලියා පළ කරන ලද, ‘ලංකාවේ පටු ආමාන දුම්රිය (Narrow Gauge Railways of Ceylon)’ පොත එම විෂය සම්බන්ධව ලියවී ඇති ප්රථම සහ එකම පරිපූර්ණ පර්යේෂණාත්මක ග්රන්ථය ලෙස සැලකේ. සිංහල නිර්මාණාත්මක ලිවීම කෙරෙහිද උනන්දුවක් පළ කරන ඔහු, මොනර කුටුම්බය කෙටිකතා සංග්රහය 2022 වසරේදී පළ කළේය. ‘සබරගමුව දුම්රිය’; සිංහල බසින් ලියවෙන ඔහුගේ පළමු වැනි දුම්රිය ආශ්රිත පර්යේෂණාත්මක ග්රන්ථයයි.
General Enquiries
There are no enquiries yet.




