මං අහල තියෙනවා දොස්තර මහත්තයා, ඔයා මගේ වයසෙදි හෙන චන්ඩියලු. කාවවත් ගණන් ගන්නෙ නෑලූ. හිනා වෙන්නෙ තමන්ට ඕන වුණ වෙලාවට විතරයිලු. ඔයා හිතන් ඉන්නෙ මං කවුරු කියලද. මතක තියාගන්න මං තරුණ කෙල්ලෙක් තමයි. හැබැයි ඔයාට වඩා පොඩි නෑ හොදේ. ඔයා හිතනවා නං ඔයාට මං බයයි කියලා. ඔයාට වැරදිලා. ඔයා හිතනවා නං ඔයාට මාව මග ආර්යය ඉන්න පුළුවන් කියලා. කොහොමත් ඔයාට වැරදිලා.
ඔයා කොහොමද එහෙම කරන්නෙ. ඇයි මොකද්ද ඔයාට තියෙන ප්රශ්න. මාත් චක්ක කතා කරන්න බැරී. මං ඔයාට මොනවද කරපු වැරදි. ඔයා ඔයා එක්කම තරහ වෙලා ඉන්නෙ දොස්තර මහත්තයා. ඔය දුෂ්ඨකම් එක්ක ලෙඩ්ඩින්ට කොහොම බෙහෙත් කරනවද මන්දා. හැබැයි මතක තියාගන්න, ආදරේ කරන එක ලෙඩක් නෙමෙයි. ඒ නිසා ඔයා ගාව මට ඛෙහෙත් නෑ. මං ඔයාට ආදරෙයි.








