අතීතයේ කතරගම ප්‍රදේශයේ විසූ මහාඝෝෂ නම් ජන නායකයෙකු මිය යෑමෙන් අනතුරු ව, එම ජන නායකයා කතරගම දෙවි නමින් ප්‍රසිද්ධ ව තත් ප්‍රදේශයේ වෙසෙන ජනයා අතර වන්දනාවට පාත්‍ර වූ බව මැද උයන්ගොඩ විමලකිත්ති හිමි පවසයි. කතරගම ප්‍රදේශයේ විසූ ක්ෂත්‍රීය නායකයෙකුගේ මරණයෙන් පසු ඔහු කතරගම ප්‍රදේශයේම දේවත්වයට පත් වූ බව කඹුරුපිටියේ වනරතන හිමිගේ අදහස වේ. බුදුන් වහන්සේගේ තෙවන ලංකා ගමනයේ දී කතරගම ප්‍රදේශයේ මහසේන නම් දිව්‍ය පුත්‍රයකු විසු බව ධාතු වංශයේ සඳහන් වේ. කෝට්ටේ සමයේ රචිත ජිනකාලමාලි නම් කෘතියේ ද බුදුන් වහන්සේ කතරගමට වඩින විට මහාඝෝෂ නම් දිව්‍ය පුත්‍රයෙක් එහි වැඩ විසූ බව සඳහන් ව ඇත.
ඌවේ ඇදහිලි විශ්වාස-Uve Adahili Vishwasa
Original price was: රු850.00.රු680.00Current price is: රු680.00.
- Author: Ramith Chandrasekara
- Edition: 1st Edition 2022
- Language: Sinhala
- Publisher: Nalin Publishers
Reviews
There are no reviews yet.