බෝඹුරු ඇල්ල බලන්න මිනිස්සු ආවට, මේ වැව්කරයට මිනිස්සු එන්නේ ගොඩක් අඩුවෙන්. ඉතින්, අපි ගිය දවසෙත් ඇවිදින් හිටියේ අඩු පිරිසක්. මම කැමරාවත් අරගෙන යන පැත්තේ ඉඳලා පිරිසක් ආවා. ඒත් අපේ වයසෙම වගේ කියලා කියන්න පුළුවන් පිරිසක්. අපි එනකොටම නවත්තලා තිබුණා වෑන් එක මට එතකොටයි මතක් උනේ.
ටිකක් ඈතින් වෙන්න තියෙන කන්දේ අඩිවාරමට කිට්ටු වුණ මට කුරුලු සංගීත අතරින් කුරුල්ලෙක්ව පින්තූර එකතුවට අරගන්න මම උත්සාහ කරා. නමුත් ඒක සාර්ථක වුණේ නැහැ. මට ටිකක් දුක හිතුණා. මං ආයෙමත් හරිම වෙලාවක් බලලා පින්තූරයක් ගන්න Capturing movement එකක් හොයන ගමන් හිටියේ. එතකොටම මම දැක්කා ටිකක් පල්ලෙහාට වෙන්න වේළිච්ච ගහක අත්තක වහලා ඉන්න පිළිහුඩුවෙක්. ඒ පිළිහුඩුවා වතුරට වැදිලා ගොදුරක් ඩැහගන්න මාන බලනවා කියලා මට තේරුණා.








