ලොව බිහි වූ සියලු ප්‍රේමවන්තයෝ සාජහාන් සහ මුන්ටාස් ලා සේම ජැක් සහ රෝස්ලා නොවන්නේය. සියලු ප්‍රේම කතා වන්දනීය පූජනීය ද නොවන්නේය. ඉදින් ලොව කටුක වූත් විෂ සහිත වූත් ප්‍රේම කතා ද නැත්තේ නොවේ. එනමුත් එම විෂ වුවද ප්‍රේමණීය වන්නේය. එවැනි අරුමැසි ප්‍රේමය විසින් එක් හදවතකින් තවත් හදවතක් අවුළුවා දමන්නේය. තම හැඟීම් තමාටම විරසක කරවන්නේය. අනතුරුව ඒවා මිනිසාට විරුද්ධව කැරළි ගසන්නට ගන්නේ ය. අවසානයේදී එතෙක් සියල්ල සමාප්ත වී එතැන් සිට සියල්ල ඇරඹෙන්නේය. නොබැඳිය යුතු තැනම බැඳී නොරැඳිය යුතු තැනම රැඳෙන්නේය. ඉදින් ජීවිතය එයම වන්නේ ය.
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.








