The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

නාට්‍ය රසය – Natya Rasaya

Original price was: රු850.00.Current price is: රු680.00.

No of Pages : 527

  • Author: Sarath Wijesooriya
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Wijesooriya Grantha Kendraya
  Ask a Question

‘නාට්‍ය රසය’ යනු නාට්‍ය කලාව ගැන අත්දැකීම් හා නාට්‍ය නැරඹීමෙන් ලබා තිබෙන ‘ආස්වාදනීය ඥානය’ විද්‍යාර්ථීන්ට හා රසිකයන්ට ප්‍රදානය කරන විස්තර වර්ණනාවකි. නාට්‍යයක් රඟ දැක්වීම සහ නාට්‍යයක් නැරඹීම සාමූහික කර්තව්‍යයකි. තාක්ෂණයේ මහිමයෙන් වත්මනේ කොතරම් දියුණු කලා මාධ්‍ය වින්දනය උදෙසා වෙතත්, මේ ‘සමෙූහික කර්තව්‍යය’ තවමත් හරිම ප්‍රබල ය.  සමූහයක් සමඟින් නාට්‍යයක් රඟ දක්වමින් නාට්‍යකරුවා ප්‍රේක්ෂක සමාජයට ‘ආස්වාදනීය ඥානයක්’ ලබා දෙනු ලැබේ. එකී ඥානය ලැබෙන්නේ නාට්‍යයක් ‘ජීවමානව රඟ දැක්වීම නැරඹීමෙන්’ විඳින නාට්‍ය රසය තුළිනි. ‘නාට්‍ය රසය’ යනු කවියක් කියමින් – ගීතයක් ඇසීමෙන් – පොතක් කියවීමෙන් විඳින රසයට වෙනස් ස්වරූපයක රසයකි.  වේදිකා නාට්‍ය කලාව මතින් පිබිදී වෙනත් කලා මාධ්‍යයන් වෙත පියවර එසවූ බොහෝ නාට්‍යකරුවන් යළි වේදිකාව කරා පැමිණ නාට්‍ය නිර්මාණය කරන තත්වයක්ද තිබේ. තාක්ෂණයෙන් දියුණු කලා මාධ්‍යයක නිමග්න වීමට වඩා අවම තාක්ෂණයෙන් – සැබවින්ම අවම පහසුකම් මත නාට්‍ය නිර්මාණ කිරීමට නිර්මාණකරුවන් කල්පනා කරන්නේ මක් නිසාද ? නාට්‍යයක් තුළින් ප්‍රෙක්ෂකයන්ට ලබා දෙන ‘ආස්වාදනීය ඥානය’ තෘප්තියෙන් – නිදහසේ – අභිමත අන්දමට අන් කලා මාධ්‍යයකින් ලබා දිය නොහැකි නිසා ද? මෙවැනි ප්‍රශ්න ඔස්සේ නාට්‍ය හැදෑරීමට – රස විඳීමට දැනුමක් මේ කෘතියෙන් පාඨකයාට ලැබෙනු ඇත.

Weight 680 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart (0)
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy