දිගාමඩුල්ලේ ආශ්චර්යයෙන් වශී වූ පාඨක සමාජය එයින් තවත් ඈතට වනපෙත දිගේ රැගෙන යෑමට ‘අපේ රාජ්‍යය’ කෘතියෙන් මායාරංජන් නම් පුරෝගාමී වනවිත්තිකරුවා සමත්වූයේ ය. එහි තවත් පියවරක් ඉදිරියට තබමින් ‘මගේ රාජ්‍යය’ වෙත ද හෙතමේ පාඨක පිරිස කැඳවාගනු ලබන්නේ වනපෙත යනු; වසර මිලියන ගණනක සිට පවතින සොබාදම් උරුමයක් බව පෙන්වා දෙමිනි.
දිගාමඩුලු වනපෙත ඇසුරේ ඔහුට ඇසගැසුණු බොහෝ දෑ සමන්විත වූයේ, මානව හිතවාදී පාරිසරික නිරීක්ෂණයන්ගෙනි. නිගමන්යන්ගෙනි. කොටින්ම වනපෙත යනු; ජීවිතය බව වටහාගැනීමෙනි. එයින් පාඨක සිත උපන් කුහුල නොසන්සිඳිනි. මායාරංජන් වනපෙතට බැඳි ප්‍රේමය ද වඩ වඩා තීව්ර වූයේ ය. මේ නිසා හෙතමේ පාඨක සමාජයට ‘මගේ’ රාජ්‍යය’ ද පිරිනමන ලදී. පිටු ප්‍රමාණයෙන් කුඩා කෘතියක් බව සැබෑවකි. එහෙත් එය මයිල ගසක නැතිනම් පලු හෝ වීර ගසක පත්‍ර මෙන් සියුම් වෙනස්කම් සහිත විසල් පුවත් කැටිකර ගත් අවස්ථාවකි.