අම්මගෙ මරණෙට සාධාරණේ ඉෂ්ඨ කරන්ඩ නම් උඹට මාව මරන්ඩ වෙනවා. මොකද තමන් පණ වාගෙ ආදරේ කරන මනුස්සයා වෙනත් ගැනියෙකුගෙ අතින් ඇල්ලුවත් ඒක ඒ ගැනිට දරන්ඩ බැරි තරම් වේදනාවක් වෙනවා. මිනිහ එක්ක රණ්ඩු කරන්නේ ඒ වේදනාව දරා ගන්ඩ බැරි හින්දා. උඹේ අම්මත් ඒ විදිහට අප්පච්චි එක්ක රණ්ඩු කරන්ඩ ඇති.. හැබැයි අම්මගෙ මරණෙට සාධාරණේ ඉෂ්ඨ කරන්න මට පිස්තෝලෙ දික් කරලා වැඩක් නෑ. මිනිහෙක් බලනවා පවුල් ජීවිතේ ඇතුළෙ තියෙන පුංචි පුංචි හිල්වලින් රිංගලා ගිහින් කොහාට හරි හේත්තු වෙලා, අර හිල් මහ විශාල අගාධ විදිහට ලෝකෙට පෙන්නන්ඩ…”
“අම්මට වරදක් කරා නං මං මගෙ අප්පච්චි වුණත් මරනවා…”
“සමහර විට ඒ මනුස්සයා ඒක දැනගෙන වෙන්ඩ ඇති අතුරුදහන් වෙන්ඩ ඇත්තෙ..”









