මිත්‍රයා, රැගෙන යන්න මා කොහේ හෝ නොදන්නා පෙදෙසකට
අතීත ගල් ගුහාවකට මිනිසුන් කිහිප දෙනෙක් ගල් පතුරු උල් කර බයිසන් ගවයන් අඳින
නැතහොත් පිටාර ගිය කහ ගඟ දෙපස නගුලෙන් හාන මිනිසුන් අතරට
රැගෙන යන්න මා
මස් පලහා කා ගිනිගොඩක් බෝ කර ඒ වටා නටන මිනිස් පොදියක් මැදට
වෙහෙසයි මට
බිඳින්න මේ ඒකාකාරී දවස්
බිඳිමින් සිටී ඒ අය දෛනිකත්වය
අරුණෝදයට පෙර තදාන්දකාර ගුළියට තද නින්දක සිහින අතරට ඈත අතීතයට
විටින් විට අප මිනිස් ශිෂ්ටාචාරය ලද යුතුය තද කම්මුල් පහර ඇහැරෙන්න
අනේ රැගෙන යන්න මා
දණ නමා බිලි පුද දී හිරු දෙවි වඳින දෙවොලට
මා බිලි දුන්නාට කමක් නැහැ
වෙහෙසයි මේ ඒකාකාරී දවස්