“පුංචි රාළත් එක්ක හේනට ගොස් අවුරුද්ද හමාර යන විට ඔහු තුළ තමා සොයන ආදරය නැති බව ඈ තේරුම් ගත්තාය. ඔහුගේ වලස් රෝම වලින් පිරුණු හැඩි දැඩි කයට යට වන හැම වාරයකම ඈ ඔහුව ප්‍රතික්ෂේප නොකළාය. නමුත් ඈ හිටියේ දර කොටයක් ගාණටය. එහෙත් උපන්දා සිටම දර දඬු එකියක වූ ඈ මේ සියල්ල දරාගෙන සිටියාය. සිය අප්පුච්චා වූ පුංචි රාළ දමා යන්න ඈට කොහොමටවත් උවමනා වුණේ නැත. ඒ වෙනකොට මේ මහ පොළොවේ කවුරුන්වත් ආදරය නොකරපු වේලාවක ඈ වැඩිවියට පත් වුණු දවසේ පුංචි රාළ ඈ වෙනුවෙන් කළ සැලකිල්ලත්, එදා ඔහුගෙන් පළ වුණු ඒ පුංචි ආදරයත් ඇගේ හදවත පතුලේම තැන්පත්ව තිබුණේය. තවමත් ඈ එදා පුංචි රාළගෙන් ලත් කනකර මාල වළලු තෝඩු ආදී මනිබඩු සියල්ල පන් පෙට්ටියක අසුරා වසා ආරක්ෂිතව තබා තිබුණාය.”
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.







