[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

සිටුවර පුවත – Situwara Puwatha

Original price was: රු1,450.00.Current price is: රු1,305.00.

3 X Rs. 483.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce


  • Author: Rupa Sriyani Ekanayake
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sooriya Publishers
  Ask a Question

වරෙක හිරු රැස් මෙන් උණුසුම් වන ස්ත්‍රීහු තවත් වරෙක සඳ රැස් මෙන් මුදු සිසිලෙන් යුක්ත

වන්නෝ ය. මේ නවකතාවේ එන සරලා නම් ගැහැනිය ද, ඒ චරිත ලක්ෂණ ද්විත්වය ම හිමි

කර ගන්නේ කවදා හෝ පති දම් බිඳ ගත් ගැහැනියක ලෙස සමාජයෙන් දෝෂාරෝපණය

ලබන්නට ඇගේ සිතේ පවතින අනියත බිය නිසා ය.

සරලා ගේ චරිතයට ප්‍රභාෂ්වරයක් වීමට හැම මිට ම තැත් කරන පණ්ඩුල වරෙක මුදු මඳ

පවනක් වෙමින් ද, වරෙක චණ්ඩ වූ කුණාටුවක් වෙමින් ද, සරලා තමා වෙත නතු කර

ගැනීමට වෑයම් කරන්නේ ස්වකීය ප්‍රියාවිය තමන් වෙතින් නික්ම යෑමට තැත් කරන එක්

අනුවේදනීය මොහොතක ය.

රාග, දෝෂ, මෝහ ආදි ක්ලේශ රාශියකින් වෙළී සිටින

මිනිසා තමන් අතින් සිදුවන වැරදි ද, මනා ගුණ ද අත්

දකිමින් ගෙන යන ජීවිතයෙන් බිඳක් මේ නවකතාව

තුළින් කතුවරිය අප තුළ සිතුවම් කරන්නී ය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වශයෙන් රැකියාවේ වගකීම් රැසක් දරමින් වුව ද තමනට ලැබෙන අල්පමාත්‍ර විවේකය උපයෝගී කර ගනිමින් කරන ලද මෙවන් නිර්මාණ කිහිපයකින් ම පාඨක මනසෙහි ආනන්දයක් ජනිත කිරීමට රූපා ශ්‍රියානි ඒකනායක ගන්නා ප්‍රයත්නය අගය කළ මනා ය.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop