හිත ලෙඩ වුණාම කය ලෙඩ වුණාට වඩා අමාරුයි. කළ යුත්තේ කුමක්ද? සියලු සත්වයෝ වේදනාවන්ට ගොදුරු වෙති. මේ නිසා දුකට පත් වෙති. මේ වේදනාවන් ද කායික වේදනාව හා මානසික වේදනා ලෙස දෙආකාරය. බුදුරජාණන් වහන්සේ මේ දෙආකාර වේදනාවන්, උල් නැත්නම් කටු වශයෙන් හැඳින් වූ සේක. කායික වේදනාවන් නම් වූ උල් කටු ඇනුණ විට වේදනා සමනය කරන ඖෂධයකින් සහනයක් ලබාගත හැක. ශරීරයට කර වේදනාව ප්‍රතිකාරයකින් වේදනාව සමනය කර ගැනීම හෝ වේදනාව අතුරුදහන් කරගැනීම කළ හැක. අප්‍රමාණ වූ බෙහෙත් හේත්, වෛද්‍යවරු, රෝහල් තිබෙන්නේ මේ සඳහාය. එහෙත් වඩාත් බරපතල වේදනාව මානසික වේදනාවයි. හිතේ අමාරුවයි. කායික වේදනාවක් දරා ගන්නා සමහරු, මානසික වේදනාව දරාගන්නට බැරීව දිවිනසා ගනිති. Mentel Suffering මැයෙන් 2003.06.13 දා අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ පැවැත්වූ දේශනයට ප්‍රස්‌තුත වන්නේ මානසික වේදනාවයි. මානසික වේදනාවේ රුදුරුකම ගැන පමණක් නොව එවැනි වේදනා ඇතිවීමට බලපෑ හේතු ද සාකච්ඡා කරන උන්වහන්සේ මානසික වේදනාවන්ගෙන් අත්මිදීමට කළ හැකි ප්‍රතිකාර ද මේ දේශනයේදී විමසා බලන්නේය.
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.








