අපට වෙනස් කරන්න බැරි දේවල් සමග සටන් වදින්න එපා
අපේ ශරීරයට වද වේදනා. ලෙඩ දුක් ඇති වන විටද අපේ සතුට නැති වී ගැටලු ඇතිවෙනවා. ඒත් බෞද්ධයන් විදිහට අපි වද වේදනා, ලෙඩ දුක් විඳ දරා ගනිමින් ජීවත් වෙන්නට හුරු වෙනවා. අපට වෙනස් කරන්න බැරි දේවල් සමග සටන් වදින්නේ ඇයි? අපට වෙනස් කරන්න බැරි දේවල් සමග සටන් වදිනවා වෙනුවට ඒවායෙන් ඉගෙන ගන්න. ඉගෙන ගෙන වර්ධනය වෙන්න.