[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

සුදු වැද්දා – Sudu Wedda

Original price was: රු1,380.00.Current price is: රු1,242.00.

3 X Rs. 460.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce


Out of stock

  Ask a Question

“හැන්ස් ඔබ! මොකද කරන්නේ?” ඩේමියන් පූජකතුමා ඉතා බැරෑරුම් හඬින් විමසීය.

“මට කැලේම තමා”

ඒ ගැන තර්ක විතර්ක වලට ඉඩක් නැති බව ඔහුගේ වචනවල නිශ්චිතතාවෙන් තහවුරු විය. එවැනි උත්සාහයක් නොදැරීමට වගබලා ගතයුතු තරමට ඔවුහු හැන්ස් ගැන මනා අවබෝධයෙක් ඇතිව ද සිටියහ.

“අර අසරණ තරුණිය නාලිනීට ඉන්න මීට වඩා හොඳ තැනක් ගැන මට හිතා ගන්න බැහැ. මෙහේ නවතින්න ඇය කැමැති කර ගන්න මම උත්සාහ කරන්නම්. මා ළග ඉන්න කට්ටියේම කෙනෙක් හැටියට මම ඇය රැක බලා ගන්නම්.”

මඳ වේලාවක් නිහඬව සිටි පියතුමා හැන්ස් ඇමතුවේය. “මගෙ පුතා හැන්ස්, කැලය ඔබේ ශරීරයත් ආත්මයත් අවනත කරගෙන, එය හැම දාම ඔබගේ නිවහන වෙයි. ඒත්, කැලේ අද්දර ඉන්න අප බලන්න ඉඳහිට වත් නෑවිත් ඉන්න හේම ඒක හේතුවක් නෙමේ. අපි හැම විටම ඔබ ආදරයෙන් පිළිගන්නවා.”

“බොහෝම ස්තූතියි පියතුමනි. මම ඔබතුමා අමතක කරන්නේ නැහැ.”

ඔවුන් නැගිට වැලි පිස දමා අඳුරු වන ගුල්මය මැදින් පූජකතුමාගේ පැල්පත කරා ගිය අතර හැන්ස් ඔවුන්ගෙන් වෙන්ව රනී වෙත ගියේය.

පොරොන්දු වූ පරිදි, පසු දා අලුයම ඔවුහු සියලු දෙනාම හැන්ස්-රනී යුවල අවසන් වරට දැක ගැනීමට ගියහ. ඔවුන් දෙදෙනා බල්ලාද කැටුව යනු ඔවුහු බලා සිටියහ. කැලයට ඇතුළු වත්ම හැන්ස් ආපසු හැරී අත වනා ඔවුනට ආයුබෝවන් කීවේය.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop