[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

sherlock holmes – මර උගුල

රු890.00

3 X Rs. 296.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 254

  • Author: Chandana Mendis/චන්දන මෙන්ඩිස්
  • Language: Sinhala
  • Publisher: Sankha Publishers/සංඛ ප්‍රකාශකයෝ
  Ask a Question

“ඊයේ උදෑසන බ්‍රොලි දුම්රිය පොළ අසල තිබී හමුවූ මළසිරුර ඉලම් පාරේ අංක 36 හි පදිංචිව සිටි ඇලන් ඩෙස්ටර් මහත්තාගේ සිවට හඳුනා ගෙන ඇත. පුර්ණ සන්ධ්‍යා ඇඳුම් කට්ටලයෙන් සැරසී සිටි ඔහු 22 වැනිදා සැන්දෑවේ නිවසින් පිටව ගොස් ඇත්තේ රොයි කෘත්‍ය ශාලාවේ නාට්‍යයක් නැරඹීම සඳහාය. ව්‍යාපාරිකයෙකු වන ඒ මහතාගේ මුදල් පසුම්බිය, ඔරලෝසුව හා ආභරණ මෙතෙක් හමුවී නැත. මරණයට හේතුව විෂ වායුවක් ආඝ්‍රාණය කිරීම බැව් පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි විය……”

“..තවත් විස්තර තියෙනවා. දැනට නම් ඒවා එව්වර වැදගත් නෑ. මේ අනුව ඔබට දකින්න ලැබුණු අනික් පුද්ගලයා තමා ඇලන් ඩෙක්ස්ටර්. ඔහු ඔබ තරම් වාසනාවන්ත වෙලා නැහැ. මං හිතනවා ඔහු ඔවුන්ගේ ගොදුර වෙන්න ඇත්තේ ඔබට කලින්. ඔබේ තීක්ෂණ නුවණත්, ක්ෂණිකව ක්‍රියාත්මක වීමත් නිසා ඔබ ජීවිතය ගලවාගත්තා. ඔබ සාක්කුවේ දමා ගත්තා කියූ අර ආගන්තුක පත්‍රය මට දෙන්න. අමුත්තා එය හෝම්ස් අතට දුන්නේය.”

“මේක ඕනෑම කෙනෙකුගේ ආගන්තුක පත්‍රයක් වෙන්න පුළුවනි. තමක් නැ. මේකත් මං ළඟ තබාගන්නම්. මේකෙ නම් තියන ඇලෙක්ස් වැග්නර් කවුද කියලත් අපි හොයල බලමු.”

“ඇඩම්ස් මහත්මයා. ඔබ මේ අපරාධකාරයන් දෙදෙනාගේ පෙනුම ගැන හොඳ විස්තරයක් කළා. ඒක අපට ප්‍රයෝජනවත් වේවි. අංක සිසි තබා ගැනීමට ඔබට තිබෙන මතක ශක්තිය කොහොමද?”

“ඒ තරම් විශේෂ දක්ෂකමක් තිබෙනවා කියන්න බැහැ ” ඔබ අර නිවසට ඇතුළු වෙන වෙලාවෙ. ඒ ගෙදර හෝ අසල් වැසි නිවසක අංක ඔබට දකින්න ලැබුණෙ නැද්ද?” අමුත්තා මඳ වේලාවක් කල්පනා කළේය.”

“ඒ වෙලාවේ රාත්‍රියේ තිබුණේ තද අඳුරක්. නමුත් වීථියේ ගෑස් ලාම්පු වලින් තරමක ආලෝකයක් නිවස ළඟට වැටුණා. නමුත් අංකයක් දුටු බවක් මට මතක නෑ….”

“කමක් නෑ.” හෝම්ස් කීය. ” ඔබ සහ බේකර් මෙනෙවිය නිවස වෙත ගිය පෞද්ගලික රියේ අංකය. ඔබ නිවස වෙත ගෙන ආ කුලීරියේ අංකය ඔබ දුටුවාද?”

Weight 320 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop