[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

කාලාවකාශයේ සිරකරුවා – Kalawakashaye Sirakaruwa

Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

3 X Rs. 400.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

  • Author: Damitha Nipunjith
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sooriya Publications
  Ask a Question

කාලාවකාශයේ සිරකරුවා – හිස මදක් ඔසවා බැලූ විට ඔහුට පෙනී ගියේ ලී ගැබලිති ගල් කෑලි වර්ෂාවක් ඔහු වටා වසිමින් තිබෙන බවයි. එහෙත් ඒ වැටෙනා දේ වලට සිදුවන දෙය ඔහුව පුදුමයට පත් කළේ ය. වැටෙනා සියලු දෙය ඔහු වැතිර හුන් පොළොව මතට වැටුණු සැණින් මීදුමෙන් කළ මතුපිටක් මතට වැටුණාක් මෙන් ඒ තුළ සම්පූර්ණයෙන්ම ගිලී නොපෙනී ගියේය.

සංචාරක නියෝජිතයෝ – කෙසේ වෙතත් මා ඔහුව දුටු බව හඳුනාගත් සැණින් තඩි හිනාවකින් කට පුරවාගත් මේ චීනා, හීනයේ සිටියදී පවා මා පුදුමයට පත් කරන්නට හේ තු වූ පරිදි හොඳ සිංහලෙන් කතා කළේය.

“කරුණාකරලා ඔයා කණ්නාඩියක් ඉස්සරහ ඉන්න වෙලාවක මාව මතක් කරනවද?”

ගෞරවය – අද මම ඔබව රැගෙන යන්නේ ඒ මාවත් දෙක අතරින්ම විහිදුනු අපූරු මානයක් ඔස්සේයි. ඒ ගමන ඇරඹෙන්නේ බොහෝ දෙනකුට අසන්නට අමතක වූ, බොහෝ දෙනකුගේ සිතට කිසිදාක නොනැඟුණු ප්‍රශ්නයක් ඔස්සේයි.

“පිටසක්වළ ජීවීන් යනු, අන් කවරකුවත් නොව කාලයාත්‍රිකයන්ම නම්?”

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබාගැනීමෙන් පසුව විද්‍යා සන්නිවේදකයෙකු ලෙස විදුසර පුවත්පතට සම්බන්ධ වූ දමිත 2010 වසරේ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය විසින් පිිරිනමනු ලබන දිවයිනේ හොඳම විද්‍යා සන්නිවේදකයාට හිමි සම්මානය ගැනීමට සමත් විය. පරිපාලන සේවා විභාගය සමත් වී ශ්‍රී ලංකා පරිපාලන සේවයට තේරී පත්ව කලක් සහකාර ලේකම්වරයකු ලෙස කටයුතු කළ දමිත පසුව ඉන් ඉවත්ව යෝගාවචරයෙකු ලෙස අධ්‍යාත්මික ගවේෂණයක නිරත විය. ඉන් අනතුරුව නැවතත් විදුසරට සම්බන්ධ වී කරන ලද විද්‍යා සන්නිවේදන කටයුතු වෙනුවෙන් ඔහුට 2015 වසරේදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් පිරිනමන වසරේ හොඳම සෞඛ්‍ය විද්‍යා සන්නිවේදකයාට හිමි සම්මානය හිමි විිය. ‘විස්මිත සිහින දකින්නා‘ නමින් පළවු ඔහුගේ කුළුඳුල් විද්‍යා ප්‍රබන්ධ කෘතිය 2008 වසරේ හොඳම ස්වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ධ කෘතිය සඳහා වූ රාජය සම්මානය හිමි කරගන්නා ලදි. ලේඛකත්ව හා ජනසන්නිවේදනය පිලිබඳ රාජ්‍ය පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකු වන දමිත දැනට බෞද්ධ අධ්‍යයනය පිළිබඳ තම ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටියි.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop