සියලු දෙනා අතින් වැරදි සිදුවෙනවා
කෝපය කියන්නේ කිසියම් කෙනෙක් කිසියම් වැරැද්දක් කිරීම නොවෙයි. අප සියලු දෙනා අතින්ම වැරදි සිදු වෙනවා ඒක මනුෂ්‍ය ස්වභාවයක් අප සියලු දෙනා අතින්ම වැරදි සිදුවෙන නිසයි අපි මෙතනට ඇවිත් සිටින්නේ. අපි හැම දෙනෙක් කරුණාවන්ත නම්. ප්‍රඥාවන්ත නම්, හැමවිටම හරි දේවල්ම කරනවා නම් අපි මේ විදිහට නැවත ඉපදෙන්න ඕනැවෙන්නේ නැහැ. ජීවිතය හරියට පාසලක් වගෙයි. මේ නිසා මේ ජීවිතය කියන පාසලේදි මිනිසුන්ට වැරදි කරන්න ඉඩ හරින්න. එමගින් ඉගෙන ගන්න ඉඩ දෙන්න. ඔවුන්ට තවත් නිවැරදි වෙන්න. යහපත් වෙන්න උනන්දු කරන්න. ඔවුන්ට දඬුවම් කරන්න යන්න එපා. විශේෂයෙන් ඔබ ඔබටම දඬුවම් කරන්න එපා.
මා කෝප වීම ගැන. විශේෂයෙන් අභ්‍යන්තර කෝපවීම ගැන කළ මේ දේශනයේදී ඔබ කෝප වීමට හේතුවන යමක් මා අතින් කියවුණා නම් කරුණාකර කෝප වෙන්න එපා යි ඉල්ලමින් මා මේ දේශනය අවසන් කරනවා.