මට ඇති බෝනික්කෙක් නෑ. මම තියෙනවා. බුදු සරණයි “
හීනියට ලැජ්ජාවක් දැනුණු නිසා මම ඉක්මනට එහෙම කියලා කෝල් එක කට් කළේ එහා පැත්තෙන් සීයා අප්පච්චිගෙ හිනාහඩ ඇහෙද්දියි. සීයා අජ්ජවවී එවපු ඩොකියුමන්ට් බලල්ලා ඒ ටිකට අපෂාවල් මේල් වලින් යවලා දැනට යන ප්‍රොජෙක්ට් එකක රිපෝට් වගයක් බල බල ඉද්දි මහ දවාලෙ කුෂ් ගෙදර ආවේ මාව පුදුම කරවලා.
“මචං නංගි ඉන්නෙ මොකක් හරි අවුලක වගේ.”
කුෂාන් එහෙම තියාගෙන මගේ ඉස්සරහින් වාඩි වුණා.
ඇයි බං එහෙම කියන්නෙ?
දවල් කැබින් එකට ඇවිත් ඇහුවා ගෙදර ගිහින් දාන්න පුළුවන්ද කියලා. හේතුව ඇහුවම කිව්වේ ඔළුව රිදෙනවා කියලා, මම චුට්ටක් කතා කරන්න හැදුවම අඬන්න ගත්තා. ඒකයි මම එක්කන් ආවේ. මම් ගිහින් ඩෝ එක ළඟටම ඇරලලා මේ ආවේ.”
අනිවාර්යයෙන් අපේ අයියා මොකක් හරි මඟුලක් කරන්න ඇති. එහෙම හිතලා මම ලැප්ටොප් එකත් වහලා නැගිට්ටෙ චූටිම බලන්න යන්න.










