🌼ඇහැල මල් පෙති – කල්පනී කවිරාජ🌼
✨දැන් පෙර ඇණවුම් සඳහා විවෘතයි! ✨
ඉගිල්ලිලා ගිය කහ කුරුල්ලගෙ බරෙන් නිදහස් වුණ ඇහැළ අත්ත දෙතුන් වතාවක් සන්තෝසෙන් උඩ පනිනකොට අත වැදෙන හරියෙ තිබුණු මල් පොකුරෙන් පෙති දෙක තුනක් ලිහිලා මං ඉඳගෙන උන්නු බංකුව උඩට වැටුණා. මෙච්චර වෙලාවක් උකුල මැද්දෙ බොහොම රස්නෙට පැටලිලා උන්නු මගෙ අත් දෙකෙන් වම් අත ඒ බැම්මෙන් නිදහස් වෙලා කහ පාට මල් පෙත්තක් දිහාවට දුවන එක නතර කරගන්න තරම් මං හපනෙක් වුනේ නෑ.
“කහ පාට කියන්නෙ හරි පින් පාටක්”
ඔලු ගෙඩියෙ හරි පපු ගැඹුරෙ හරි කොහේදෝ තැනක ඉඳලා මතුවෙච්චි දේවකගෙ කටහඬ සුපුරුදු ගැඹුරු සද්දෙට කිව්වා. ඔව් මට මතකයි….. එදත් අපි දෙන්නා උන්නෙ මේ ඇහැළ ගහ යට මේ බංකුවටම බර වෙලා..
📚 පෙර ඇණවුම් භාර ගනු ලබන්නේ අගෝස්තු 1 සිට 12 දක්වා පමණි.
💰 සාමාන්‍ය මිල රු. 1100
🎉 20% ක වට්ටමෙන් පසු මිල රු. 880 පමණයි!
🎁 පොත සමඟ ඔබට ලැබෙන විශේෂ ත්‍යාග:
✔️ බුක් මාර්ක් එකක්
✔️ කතු අත්සන
✔️ Hand-made ඇහැල මල් Key Tag එකක්
📩 අදම ඔබේ පෙර ඇණවුම තහවුරු කරන්න. 💛✨








