මාරස්සන ඩී. පී. වික්‍රමසිංහ මහතා ගම් නියම්ගම්වල රජයේ පාසල් හි මුල් ගුරු පදවි දැරූ කෙනෙකි. තමා සේවයට පත් වී ගිය සෑම පාසලක් ම පිහිටි ගමේත්, අවට ගම්වලත් ඓතිහාසික තොරතුරු, ජන විශ්වාස, වෙද හෙදකම් ආදිය පළාත් වාසීන්ගෙන් විමසා සොයා බැලීමත්, එමඟින් සපයා ගත් කරුණු පොතක සටහන් කර තැබීමත්, හේ විනෝදාංශයක් ලෙස පුහුණු කර ගති. කටකතා වලින් මතු වූ ඓතිහාසික කරුණු තහවුරු කරනුවස් පතපොත කියවා කරුණු සෙවීම ද ඒ සමගම කෙරිණි.
උඩරට, පහතරට, රජරට ආදී සෑම පළාතෙකම තමා සේවය කරන කාලයේ රැස්කර ගත් කරුණු වලින් බිඳක් තමා සේවයෙන් විශ්‍රාමලත් කාලයේ පොතකට නැගුණු සැටියි මේ.
මෙම කෘතියෙහි දෙවන කොටසද මඟ දිගට ජනකතා 2 නමින් මුද්‍රණයෙන් නිකුත්ව තිබේ.
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.








