දෙවන මහා ලෝක යුද්ධයෙන් පසුව ලෝක දේශපාලන වේදිකාවට ටිටෝ අවතීර්ණ වන තුරුම, කොමියුනිස්ට් දහමට අනුගත වූ ජාතීන් ගත කළේ මොස්කව් පාලනයේ කැමැත්ත අනුව ක්‍රියාත්මක වන ඒකාකාරී ජීවන රටාවන්ය. ඒකාකාරී පාලන ක්‍රමයන් ය. රුසියානු ආඥාදායකයා වූ ජෝෂප් ස්ටාලින් යුගෝස්ලෝවියාව කෙරෙහි නොමඳව බලපෑම් කළ ද, ටිටෝ තම හිතුවක්කාරකම් ප්‍රකට කරවමින් සමාජවාදය කරා යාමට වෙනස් මගක් ගනිමින්, කොමියුනිස්ට් ලෝකයේ පදනම් දෙදර විය.
ටිට්ටෝගේ එම ක්‍රියාමාර්ගය නැගෙනහිර යුරෝපයේ ප්‍රතිශෝධනවාදයට මග පෙන්වීය. සෝවියට් රුසියාවේ හා රතු චීනයේ බෙදීමට සම්මාදම් විය. සියලුම කොමියුනිස්ට් රටවල් එකම බෝට්ටුවේ යැයි බටහිර පැතිර ගොස් තිබුණු වැරදි ආකල්පය ඉවත්කරලීමට ඔවුන්ට ඉගැන්වූයේ ට්ටෝයි.