The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

වජ්‍ර කස්තුරි – Wajra Kasthuri

Original price was: රු1,600.00.Current price is: රු1,280.00.


  • Author: ඉමේෂා මාධවී මල්ලවආරච්චි – Imesha Madavi
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sandamadavi publication
  Ask a Question
සතියක් පුරාවට සහභාගී වූ දේශන සියල්ලෙහිම මේඝ සිටියේ රාජකාරි මුහුණක් ඕනෑවටත් වඩා මවාගෙනයි. සිය ආචාර්යවරයාට රහසින් ප්රේම කරන යුවතියට අවසානයේ සිදුවුණේ ඒ මුහුණ දෙස බලා රහසින් සුසුම් හෙළන්න විතරයි. දේශනය අවසන් වන සැණින් සිය පරිගණකය අකුළාගෙන බෑගයට දාගන්න මේඝ එතනින් ඉවත්ව යන්නේ ශාලාවේ ළමයින්ගේ කෑගැහිල්ල මැදින්මයි.
ඉතින් විහේලිගේ කඳුළු පිරෙන දෑස් ඒ කාටවත් නොපෙනීම එක්තරා විදියක වාසනාවකි. ආපනශාලාවට හෝ පුස්තකාලයට යන බොහෝ දිනවල මේඝ සමග වාඩිවී ආහාර ගන්න, කතා කරන නිවේතාගේ දසුන විහේලි උපරිමයෙන් රිදවා තිබුණා.
මේ ලෝකයේ ප්රේමයේ හොඳම නිර්වචන බිහිවන්නේ විරහව අතරින්, කෙටියෙන්ම කිව්වොත් පරාජිත පෙම්වතුන් පෙම්වතියන්ගේ සිතේය. ඒකපාර්ශවිය ආදරයක් දරාගෙන ජීවත්වෙන විහේලිගේ ඇතුල් හදවතේ වේදනාව මේඝ සමග නිවේතා දකින වාරයක් ගාණේ අලුත් වේවි දැවුණා. ඉඳහිට දවසක මේඝ විහේලිගේ මුහුණ මත ඔහුගේ නෙතු නවතයි. නමුත් ඒ දෑස්වල ඇත්තේ ඔහේ කිසිම අවධානයක් නොදී බලාගෙන ඉන්න සිසුවියක් වෙත හෙළන දැඩි බැල්ම මිස වෙන එකක් නොවේ.
“මේඝ සර් හරි ස්ට්රික්ට්..අපිත් එක්ක ඔක්කොම හොඳින් වගේ කතා කළාට මේ බලන්නකෝ..අසයිමන්ට් එක තිතට නූලට බලලා”
පළමු මාසයේ අවසන් කර දුන් ඇගයීමට ලකුණු ලැබී තිබුණු විදිය දැකලා සිසුවෙක් කතා කළේ පුදුමයෙන්.
“අපි දේවල් ඇහුවම ඔව් ඔව් ගගා ඔක්කොම කියලා දෙනවා. නමුත් ඒක හරි මෙතඩ් එකට ඇප්ලයි කරලා නොලිව්වොත් බිංදුව තමයි” තවත් සිසුවියක් මුහුණ බෙරිකරගෙන කතාකළා.
නිහඬවම මේ සියල්ලටම සවන්දීගෙන සිටි විහේලි ගැහෙන හදවතින් ඇයගේ පැවරුම පරික්ෂා කළා. ජීවිතයේ ප්රථම වරට පැවරුමකට ලද අඩුම ලකුණ එහි රතු පාටින් රවුම්ව දිස්වෙද්දී විහේලි වේදනාවෙන් තොලේ කොනක් සපාගත්තා. මේ අතරේ විහේලිගේ මුහුණ දැකපු දෙහන්සා විහේලිගේ අතේ තිබෙන පැවරුමට එබුණා.
“වාව් ඔයාට හැත්තෑවක් තියෙනවානේ. අපි ඔක්කොටම තියෙන්නේ පනස් ගණන් විහේලි. මේ මේඝ සර්ගේ නම් මූණේ තියෙන ලස්සන වැඩවල නැහැ. මදැයි හැන්ඩි සර් කෙනෙක් හින්දා පොඩි බලාපොරොත්තුවක් තියාගත්තා”
“විහේලි අපිට ඔයාගේ අසයිමන්ට් එක පෙන්නන්න පුළුවන්ද?”
පන්තියේ තවත් සිසුවෙක් අසද්දී විහේලි අහිතක් නැතිව පැවරුම ඔහුට දුන්නා.
“වෝව්..විහේලි ඇත්තටම ඔයාට සර් මොකට මේකට හැත්තෑවක් දුන්නද මන්දා..බලන්නකෝ අනේ මේකේ මොනාද අඩු?” සිසුවා එසේ කියද්දී දෙහන්සා ඇතුළු සියල්ලෝම විහේලිගේ පැවරුමට එබුණා.
“මේඝ සර් එක්ක නම් ඇත්තමයි ලේසි වෙන්නේ නැහැ ගායිස්..! පේනවනේ..මේච්චර හොඳට කරපු ළමයාටත් දීලා තියෙන්නේ කන් හැන්දෙන් බෙදනවා වගේ හැත්තෑවයි. මදැයි අපිට පනහක්වත් දීලා තියෙනවා. ඇත්තමයි දැන් නම් මට ෆස්ට් ඉයර් එක නෙමෙයි ෆස්ට් සෙම් එකවත් ගොඩදාගන්න බැරිවෙයි කියලා පුදුම බයයි” දෙහන්සා කිව්වේ කල්පනාවෙන්.
මේ අතරේ දවසේ දෙවෙනි දේශනයට ශාලාවට ගොඩවුණු මේඝ දකින්නේ එක පොකුරකට වාඩිවෙලා සිසුන් සියල්ලම බරපතළ සාකච්ඡාවක ඉන්න බව. අඩුම මේඝ ආවා කියාවත් ඔවුන්ට දැනුණේ නැත. ඒ අතරෙත් විහේලි සිටින්නේ කොහේදෝ බලාගෙන නියපොතු සපමින්ය.
දෙන්න හිතයි මේ කෙල්ලගේ ඇඟිල්ලක් කැඩිලා යන්න..! මේ බව දැකපු සැණින් මේඝට සිතුණා.
බැලුවොත් ඇත්නම් විහේලිගේ ඇඟිල්ලක් තිබ්බේ මුවේ වෙද්දී එක්කෝ විහේලි ඉන්නේ කොහේදෝ බලාගෙනය. නැත්නම් බිමට මුහුණ හරවාගෙන පොතක් අතේ තබාගෙන මොනවදෝ කියවයි. නමුත් එවැනි අවස්ථා කිහිපයකම මේඝ විහේලිගෙන් ප්රශ්න අසද්දී ඇය පිළිතුරුත් දුන්නු නිසාම මේඝට විහේලිව තේරුම්ගන්නම අපහසුයි.
“දැන් මොකද කට්ටියම මෙතන ලොකු කතාවක? මටත් දැනගන්න පුළුවන්ද හේතුව?” මේඝ ඇසුවේ ලැප්ටොප් පරිගණකය ප්රොජෙක්ටරයට සම්බන්ධ කරමින්.
“සර්..මේක හරි අසාධාරණයිනේ” පන්තියේ කටකාර සිසුවෙක් වුණු නිම්නෙත් කතා කළා.
“මොකද්ද නිම්නෙත් අසාධාරණේ? කාටද දැන් මෙතන අසාධාරණයක් වෙලා තියෙන්නේ?” මේඝත් ඇසුවේ රළු හඬකින්.
“සර්..සර් කියපු විදියට ඔක්කොම පොයින්ට්ස් හයිලයිට් කරලා තමයි අපි මේ අසයිමන්ට් එක කළේ..පන්තියේ වැඩිම ලකුණු ඒ අසයිමන්ට් එකට හැත්තෑවයි. ඒකත් අච්චර හොඳ අසයිමන්ට් එකකට. ඇත්තටම සර් එහෙම කළේ ඇයි?”
නිම්නෙත් එහෙම කියද්දී මේඝ එක්වරම විහේලිගේ මුහුණ බැලුවා. එක්වරම ඒ දෑස් දැකපු විහේලි ඉක්මනින් බිම බලාගත්තා.
“විහේලි..කෝ ගේන්න ඔයාගේ අසයිමන්ට් එක” මේඝ කියද්දී විහේලි පන්තිය වටා දෑස් කැරකෙව්වා.
“දැන් ඔයා මට කියන්නේ ඔයා ගාවට එන්න කියලද?” මේඝ එක්වරම එසේ අසමින් විහේලි අසලට එන්න හදද්දී විහේලි ඉක්මනින් මේඝ අසලට ආවා. “හරි ඔක්කොම එන්න මෙතෙන්ට..මම වැඩිපුරම ලකුණු දුන්නු, නමුත් ඔයාලා අසාධාරණයි කියලා හිතන අසයිමන්ට් එකෙන්ම මම මේ ප්රශ්නයට උත්තර දෙන්නම්”
මෙහෙම ඇසෙද්දී පන්තියේ සිසුන් හැමෝම ඉක්මනින් මේඝ වටේට එකතු වුණා.
“කෝ දැන් මේ විහේලි..මේකේ අඩුපාඩු එතකොට මම අනිත් අයට කියලා දුන්නම හරිද?” මේඝ තදින් එසේ අසද්දී විහේලි ඉක්මනින් මේඝ ඉදිරියේ හිටගත්තා.
“මම ඔයාලට කිව්වේ බිස්නස් කමියුනිකේෂන්වල අලුත්ම එරා එක ගැන තොරතුරු හොයලා ලියන්න කියලනේ. මේ හැමෝම මොනවද කරලා තියෙන්නේ? හැමෝම ලියලා තියෙන්නේ අලුත්ම බිස්නස් කමියුනිකේෂන් මෙතඩ්ස් ගැන. නමුත් ඔයාලා කවුරුවත්ම මේ මෙතඩ්ස් දැන් තියෙන බිස්නස් ලෝකයට අදාළ වන හැටි. කෝ එතකොට ට්රැඩිෂනල් මෙතඩ් එක්ක මේවා චැලේන්ජ් එකක් වෙන හැටි? එතකොට මේවගේ වාසි අවාසි? ඒවා එක්ක ඇතිවෙන සෝෂල් ඉෂූස්? කෝ ඒවා කවුරුවත් ලියලා නැහැනේ” මේඝ කිව්වේ විහේලිගේ මුහුණ බලමින්.
“ඉතින් සර් විහේලි ඒවා ලියලනේ”
“ඔව් ඔව්…ලියලා තිබ්බා ටිකක් උඩින් පල්ලෙන්. ඒකට ලැබිය යුතු ලකුණු තමයි දැන් ඔය එයාට ලැබිලා තියෙන්නේ. ඒ නිසා මගේ අසයිමන්ට්ස් මින්පස්සේ සුළුවට හිතන්න එපා. මෙන්න මේ අවුට්කම් එකම තමා අපේ ඔසී යුනි එක බලාපොරොත්තු වෙන්නෙත්. අපි ඉන්නේ ලංකාවේ, එතකොට ලංකාවේ උගන්නන සර් ඔයාලා එක්ක සිංහල කතා කරනවා කියන දේවල් එක්සෑම් අසයිමන්ට්වලට අදාළ නැහැ ළමයිනේ. ඒ දේවල් අපි බලාපොරොත්තු වෙන ස්ටෑන්ඩර්ඩ් එකට නැත්නම් කාට වුණත් ලැබෙන්නේ අඩු ලකුණු තමයි. හරි දැන් යන්න සීට්ස්වලට” විහේලිගේ අතේ පැවරුම තබපු මේඝ ආයෙමත් ශාලාවේ උගන්වන වේදිකාවට ගියා.
“අනේ මන්දා අප්පා මෙයත්..මෙයා බලාපොරොත්තු වෙන්නේ ගොයම් ගහ ගැන ලියන්න කියලා ඒක පැළවෙලා හැදිලා එන කරලේ වී ඇට කොටලා පොළලා හාල් කරලා තව ඒකෙන් ෆ්රයිඩ් රයිස් හදන හැටිනේ” නිම්නෙත් කිව්වේ හෙමිහිට.
“හරියට හරි..නිම්නෙත් කිව්ව එක දැන් ඔක්කොටම ඇහෙන්න ආයෙම හයියෙ කියන්න.Say Louder..!”
මේඝ එසේ කියද්දී විහේලි බයෙන් නිම්නෙත්ගේ මුහුණ බැලුවා. ඊටත් පස්සේ පැටලී පැටලී නිම්නෙත් ඒ දුනු සහල් උදාහරණය කියලා අවසන් වෙද්දී මේඝගේ මුහුණේ සිනාවක් ඇඳුණා. ඉතින් මේ සියල්ල විහේලිගේ හදවට තත්පරයක පමාවෙන් තුරුලුකරගද්දී මේඝගේ කටහඬ ඇසුණා.
“මෙතන ඉන්න ඔයාලා හැමෝම දක්ෂ ළමයි. නමුත් මම කියලා දෙන දේ ගිරවු වගේ අනිත් පැත්තට අසයිමන්ට්වල පේපර්ස්වල ලියන එක නෙමෙයි ඉගෙනගද්දී කරන්න ඕනේ. ඔයාලාට මම කියන කරන දේ තේරෙන්නේ නැත්නම් මගෙන් ප්රශ්න අහන්න ඕනේ. හරියට මේ දැන් ටිකකට කලින් කළා වගේ. අන්න එතකොට මම මගේ ලර්නින් අවුට්පුට් එක්ස්පෙක්ටෙෂන් එක ගැන කියන්නම්. නමුත් ඔයාලාගේ කැපවීම මතයි මේ ඩිග්රි එකේ සාර්ථකත්වය තීරණය වෙන්නේ..ඔය නියපොතු හපන ළමයටත් එක්කයි මම කිව්වේ..!” මේඝ එක්වරම කතාව ඒ ලෙසින් අවසන් කරද්දී විහේලි දෙස හැමෝම සිනාසෙමින් බැලුවා.
දැනුණු ලැජ්ජාවටම විහේලි ආපසු මේඝගේ මුහුණ බලද්දී මේඝ සිටියේ ඒ මොකුත්ම නොදැක්ක විලසින්.
“අනේ මන්දා අප්පා..ඔය ප්රයිවට් ඩිග්රි සල්ලි දීලා ගන්න පුළුවන්ය, ඇති කජ්ජක් නැතිය කියන එවුන්ගේ එකෙක් කනෙන් අල්ලගෙන ඇවිත් අපේ මේඝ සර්ගේ ක්ලාස් එකේ වාඩිකරවන්න පුළුවන් නම්..!” දෙහන්සා විහේලි සමග රථ ගාලට ඇවිදගෙන එන අතරේ කතාකළා.
දෙහන්සා ඉන්නේ කොට්ටාවේ නිසා විහේලි ඉඳහිට දවසක දෙහන්සාව හයිලෙවල් පාරට ඇරලවනවා.
“මේඝ සර් හරි අමුතුයි නේද?” දෙහන්සා ආයෙමත් කතාකළා.
“ඒ කිව්වේ?” විහේලි ඇසුවේ පුදුමයෙන්.
“නැහැ..එයාගේ උගන්වන මෙතඩ් එක එක්ක ගවමන්ට් කැම්පස් මෙයිට ලෙහෙසිද කියලා හිතුණා අනේ. දැන් මට මේඝ සර් හෝම්වර්ක් එකක් දුන්නත් මතක් වෙන්නේ අර තඩි පනහේ මාක් එක”
“ඇත්තමයි අනේ මටත්..” විහේලි කිව්වේ සිහින් හඬින්.
නමුත් මේඝ කියන්නේ විහේලිගේ ලෝකය උඩු යටිකුරු කරන පුද්ගලයා බව විහේලිට කාටවත්ම කියන්න බැහැ. ඉතින් සියල් රහස් තමාගේ හදවතේ තිබී කවදා හෝ තමා සමගම මියැදුණාවේ..! විහේලි හැමදාමත් සිතුවේ එහෙමයි.
මේ අතරේ මේඝ සමගින් නිවේතා සිනාසෙමින් මොනවදෝ කතාකරන දසුන ඇස් කොනට පෙනෙද්දී විහේලි සිටියේ ආයෙමත් ඇවිළෙමින්. ඉතින් මේ ගිනි අවුරුදු තුනක්ම ඉසිලිය යුතු නොවේද? නමුත් ඇතැම් වේදනා පාරවා විඳවන තරමටම සනීප බවත් විහේලි උගත්තේ මේඝ වෙනුවෙන් ගොඩගැහුණු ඒ ඒකපාර්ශවීය ප්රේමය නිසාවෙනි. විටෙක මේ සියල්ලා දමා ගසා විශ්වවිද්යාලය මාරුකරවාගන්න අම්මාට කතා කරන්න පවා විහේලිට සිතෙනවා. නමුත් විහේලි රාත්රියේ නින්දට ගියෙත් උදෑසන අවදිවුණෙත් ඒ මුහුණ මවාගෙන වෙද්දී ඉතින් ඒ දුකේ ගිලි මියයනවා තරම් සැපතක් දැන් විහේලිට නැහැ.
“මතකද..සර් කිව්වා සර් ඔන්ලයින් රෙෆරන්ස් විතරක් තිබ්බොත් කවදාවත් ෆුල් මාක්ස් දෙන්නේ නැහැ කියලා?” දෙහන්සා ආයෙමත් කතාකළා.
“හ්ම්ම්..මමත් හිතුවා..මම මේ හිතුවේ අපේ සබ්ජෙක්ට්ස් වලට අදාළ රෙකමන්ඩඩ් පොත් ටිකක් ගන්න” විහේලි කිව්වේ කල්පනාවෙන්.
මොනදේ වුවත් විහේලිට එක දෙයක් වැටහී තිබුණා. ඒ, විහේලි හොඳින් ඔහුගේ විෂය ඉගෙනගද්දී ඔහුගේ අවධානය අඩුම සිසුවෙක් ලෙසින් හෝ ඇයට ලැබෙන බව. ඉතින් ඔහුගේ විෂයන් දෙක හොඳින් කර ඔහුගේ අවධානය ලබාගන්න විහේලිට දැනුණේ බොළඳ ආශාවක්. ඒ නිසාම විහේලි සිතුවේ සති අන්තයේ මේඝගේ විෂයන් දෙකට අදාළ ඔහු නිතරම මතක් කරන පොත් කිහිපය මිලදීගන්න.
සවස නිවසට එන විටම පැමිණි අනෙක් කාරයෙන් අම්මාත් බසිද්දී විහේලි අම්මා අසලට ගියා.
“අම්මි..ඔයාට සනීප නැද්ද?”
“අද ටිකක් මහන්සියි සුදු පුතේ..කොහොමද වැඩකටයුතු? එදා ඔයා හදපු අසයිමන්ට් එකේ මාක්ස් හම්බුණාද?” එක්වරම අම්මා එසේ අසද්දී විහේලි දෑස් බිමට හරවාගත්තා.
“මොකද පුතේ?”
“මට ලකුණු අඩුයි අම්මා..ඇත්තටම කිව්වොත් අපේ ක්ලාස් එකටම ලකුණු අඩුයි. ඒ සර් ඔසී වලත් වැඩකරපු කෙනෙක්. ඉතින් එයා ස්ටෑන්ඩර්ඩ්ස් හරියටම බලනවා”
“ඒක කොයිතරම් දෙයක්ද පුතේ..ගොඩක් අය ප්රයිවට් යුනිවසිටීස් ලෙට්ඩවුන් කරන්නෙත් ඔය කොලිටි එක ගැන කියලනේ. කවුද ඔය ලෙක්චරර්?”
“මිස්ට වික්රමාරච්චි කියලා කෙනෙක්” විහේලි කිව්වේ හෙමිහිට.
“සුදු පුතා..” එක්වරම කස්තුරි කතාකළා. “පුතා අම්මා ඔයාගෙන් ඉල්ලීමක් කළොත් ඔයා මම වෙනුවෙන් ඒ දේ කරනවද?”
“මොකද්ද අම්මි?”
“පුතා ඔසී යන්න..හැබැයි සෝෂල් මීඩියා පාවිච්චි නොකර..ඔයාට පුළුවන්ද පුතේ එහේ කාත් කවුරුවත් නැතිව ඉන්න? එක්කෝ මම කාන්ති අක්කව ඔයා එක්කම එවන්නද?” කස්තුරි ඇසුවේ ඉවසීමෙන්.
“අම්මි ඇයි මේ?” විහේලි එක්වරම දැනුණු පුදුමය මැදින් කතාකළා.
“මට ඔයා ගැන බයයි පුතේ..”

Reviews

There are no reviews yet.

Be the first to review “වජ්‍ර කස්තුරි – Wajra Kasthuri”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

9
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
Original price was: රු1,000.00.Current price is: රු900.00.
Add to basket
මැයි මාර ප්‍රසංගය - Mai Mara Prasangaya
මැයි මාර ප්‍රසංගය - Mai Mara Prasangaya
Original price was: රු700.00.Current price is: රු560.00.
Add to basket
11.11
11.11
Original price was: රු1,500.00.Current price is: රු1,200.00.
Add to basket
බිස්නස් පිස්සුව - Business Pissuwa
බිස්නස් පිස්සුව - Business Pissuwa
Original price was: රු1,000.00.Current price is: රු800.00.
Add to basket
Subtotal - 9 items
Shipping & taxes calculated at checkout.
රු14,140.00 රු11,560.00
Checkout Now
Powered by Caddy