කෙනෙකුට ආර්ය මාර්ගයට පිවිසිය හැක්කේ මායා ලෝකයත් ආර්ය මාර්ගයත් අතර ඇති කඩුල්ල පැනීමෙනි.මේ නිසා පාඨක ඔබත් එම කඩුල්ල පැන ආර්ය මාර්ගයට පිවිසෙන්න.එවිට ඔබට ද ලෝක සත්‍ය දැක බලා ගත හැකි වනු ඇත.
මෙම කෘතිය සිත හා කය දෙක එකතුව කළ ක්‍රියාවලියක ප්රතිඵලයකි.එම නිසා මෙහි කතුවරයා අසවලා යැයි කීමට කෙනෙකු ඉතිරි වී නැත.මම ය කියා කෙනෙකු නැති බවත් ඇත්තේ සිත හා කය දෙක එකතුව කරන කියන ක්‍රියාවලියක් පමණක් බවත් අප තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාලේ එබැවිනි.