මගේ දුප්පත් ළමා විය
මේ විදිහට දුප්පත්කම ඉහවහා ගොස් තිබුණත් සතුටෙන් ඔකඳ වෙමින් තිබුණු මේ පැල් පත් පසුකර යන විට, මගේ ළමා කාලය කොතරම් දුප්පත් ද කියා මට හැඟී ගියා. ඒ දවස්වල අපට ද රූප වාහිනි යන්ත්‍රයක් තිබුණා. ලන්ඩන්වල ඒ දවස්වල රූපවාහිනියේ තිබුණේ නාළිකා දෙකක් විතරයි. මේ නාළිකා දෙකෙන් දමන්නේ මොන නාළිකාව ද කියා ඒ දවස්වල අපේ ගෙදර වලත් අඬ දබර ඇතිවුණා. මට මතකයි මේ කාලයේ රූපවාහිනි නාළිකා කොයි තරම් ප්‍රමාණයක් තිබෙනවා ද කියා හිතන කොට කොහොම කටයුතු කරනවා ද කියා මට නම් හිතා ගන්න බැහැ. සමහර විට එක්කෙනාට එක රූපවාහිනිය බැගින් ඇති. රූපවාහිනිය නිසා එක ගෙදරක සිටියත් නන්නාදුනන අමුත්තො වගෙයි ජිවත් වෙන්නෙ.